මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුවේ මැදිහත්වීම හෝ ආශීර්වාදය හෝ ඇතිව සිදුකළේ යැයි තමන් නොසිතන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඒ පිළිබඳ ආණ්ඩුවට පැහැදිලි ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.
පසුගිය පාලකයන් ඩොලර් බිලියන ගණන් හොරකම් කළ බවත් ඇමති ලාල් කාන්ත සතු බව කියන මිලියන 40 වයස හැටක පුද්ගලයෙකුට සාධාරණ ලෙස උපයාගත හැකි කුඩා මුදලක් බවද සරත් ෆොන්සේකා අවධාරණය කරයි.