YouTube සුදාගේ තීන්දුව ක්‍රියාත්මක වෙයිද… හිටපු ජනපති රනිල් අද CIDයට…!

August 22, 2025 at 8:01 am | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මේ අතර අන්තර්ජාල මාධ්‍යෙව්දියෙකු මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල හිතවතෙකු වන සුදා හෙවත් සුදත්ත තිලකසිරි පවසා තිබුණේ අද රනිල් අනිවාර්යෙන්ම අත්අඩංගුවට පත්වන අතර එසේ නොවන්නේ නම් සිය YouTube නාලිකාව වසා දමන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *