ඉතා ඉක්මනින් මේ රටේ ජාතික ආණ්ඩුවක් බිහිවනු ඇත යන මතය මේ වන විට ජනගත වී ඇතැයි සමගි ජනබලවේග දෙහිවල ගල්කිස්ස ප්‍රධාන සංවිධායක වෛද්‍ය චමල් සංජීව පවසයි.
ඒ ජාතික ආණ්ඩුව බිහි වන අවස්ථාවේ බලය ලබා ගැනීම සඳහා තමන්ට සැලසුමක් සහ අවබෝධයක් ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
නාමල් රාජපක්ෂ නියෝජනය කරන දේශපාලන කඳවුර රටේ නීතිය ක්‍රියාත්මක වීමත් සමග සමාජය තුළ බරපතළ විවේචනයකට ලක්වෙමින් ඇතැයි ද චමල් සංජීව අවධාරණය කරයි.
සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.