දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව ලොකෝමෝටිව් ඔපරේටිව් එන්ජිනියර්ස් සංගමය කියා සිටියි.
දුම්රිය මාර්ග පද්ධතියේ දෝෂ, පරිපාලන ගැටලු ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් එය සිදු කෙරෙන බව ලොකෝමෝටිව් ඔපරේටිව් එන්ජිනියර්ස් සංගමයේ සභාපති පවසයි.