අපි ඉන්දියානු ව්‍යාප්තවාදය අත්හැරියේ 1976…! – ටිල්වින් සිල්වා…

July 7, 2025 at 7:05 pm | by emanisa.lk

කොළඹ පුරපතිනියට ඡන්දය ප්‍රකාශ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාව දැනගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

1969 වසරේ සිය පක්ෂ සාමාජිකයන්ට අධ්‍යාපනය ලබාදීමට නිර්මාණය කළ පන්ති පහ අතර තිබූ ඉන්දියානු ව්‍යාප්තවාදය පක්ෂය විසින් අතහැර දැමුවේ 1976 වසරේ දී බව ද හෙතෙම සඳහන් කරයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන විස්තර ආණ්ඩුව ප්‍රකාශ කොට ඇති බවත් එම ගිවිසුම් කොළ ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැයි ටිල්වින් සිල්වා ප්‍රශ්න කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *