හදිසියකට ගන්න මණ්ඩලේ වී ටොන් 60ක සංචිතයක්….!

July 7, 2025 at 10:47 am | by emanisa.lk

වී අලෙවි මණ්ඩලය 2024/25 මහ කන්නයේ දී මිල දී ගත් මෙට්‍රික් ටොන් 59ක වී තොගය ඉදිරියේ දී ඇති විය හැකි සහල් හිඟයක දී ප්‍රයෝජනයට ගැනීමට එම මණ්ඩලය සැලසුම් කර ඇත.

මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි.

වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව වී මෙට්‍රික් ටොන් 210,000 ක් පමණ ද, සතොස ගබඩාවල වී මෙට්‍රික් ටොන් 60,000 කට අධික ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ඇති අතර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා රජය රුපියල් බිලියන හයක මුදලක් ලබාදී ඇති බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *