වී සහල් මාෆියාව හමුවේ ආණ්ඩුව දණ නොනමයි…! කුඹුරට ම ගොස් අතපිට මුදලට වී මිලට ගනී…!

March 4, 2021 at 11:58 am | by emanisa.lk

රජයට වී සංචිතයක් පවත්වා ගැනීමට තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය තවත් ශක්තිමත් කරමින් මාර්තු 08 වන දා සිට මසක් තුළ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් ගොවිබිමටම ගොස් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් ලබා දී තිබේ.

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික් 6ට මෙහි දී ප්‍රමුඛත්වය ලබා දී තිබේ.

වී අලෙවි මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරුවන් 6ක් සහකාර ප්‍රදේශීය කළමනාකරුවන් 60ක්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 300ක් මෙම ක්‍රියාන්විතයට එක්වනු ඇත.

මේ සඳහා ලොරි රථ 60ක් යොදාගෙන දෛනිකව වී මෙට්‍රික්ටොන් 6000ක් ගොවියාගෙන් තරඟකාරී මිලට මිලදී ගැනීම සැලසුමවේ.

තෙත වී මිලදී ගැනීමටත් ඒ මොහොතේම ගොවියාගේ අතට මුදල් ගෙවිමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ට සම්බන්ධ ඒ ඒ ආයතන ප්‍රධානීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා උපදෙස් ලබා දී තිබුණි.

මුදලාලිගේ සල්ලි වලට සහල් හා වී මාෆියාව එල්ල කරන තර්ජන අභියෝග ලෙස සලකමින් කෝටි 2කට වැඩි ජනතාවට සාධාරණ මිලට හාල් ලබා දීමට මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදුකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *