විදුලි බල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව පාර්ලිමේන්තුවට යොමු කරමින් දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ වගන්ති සඳහා විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද එහි සඳහන්ය.