ලොව පුරා යුද අපරාධ ව්‍යාපෘති රැසකට ඇමරිකානු ආධාර නවතන නිර්දේශ…. ශ්‍රී ලංකාවත් ඒ අතර…!

June 28, 2025 at 10:34 am | by emanisa.lk

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල් අතර ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව, සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ රුසියාව ද ඇතුළත් බවය.

කෙසේ වුව ද මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නතර කර දැමීමට මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *