දක්ෂයන් කපන සජිත් දුර්වලයෙක්… ඊළඟ ඡන්දෙන් සජබෙත් ඉවරයි…!

June 22, 2025 at 10:23 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමඟි ජන බලවේගය මේ වන විට එහි අවසන් කාලය ගත කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඉදිරි මැතිවරණය වන විට සමඟි ජනබලවේගයට ද එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට අත්වූ ඉරණමම අත්වනු ඇතැයි ඔහු පුරෝකථනය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය හේතුවෙන් පක්ෂය තවත් දුර්වල වනු ඇති බවයි. තම නායකත්වයට අභියෝග කළ හැකි යැයි සිතන පුද්ගලයන් කපා දමන, බෙදුම්වාදී ඔහු සිටින බවත් මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් පක්ෂය තුළ ඒකීයභාවය සහ සහයෝගීතාව බිඳ වැටී ඇති බවත් පාඨලී චම්පිකගේ මතයයි.

ඔහු මෙම අදහස් පළ කළේ විද්‍යුත් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *