මේ අවුරුද්දට තවම වැහුණේ තේ කම්හල් 06යි…..! – ඇමති සමන්ත විද්‍යාරත්න….

June 18, 2025 at 7:34 pm | by emanisa.lk

1986 සිට තේ කම්හල් 213ක් පමණ වැසී ගොස් ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

2018 වසරේ කම්හල් 13ක් ද, 2019 වසරේ කම්හල් 17ක් ද 2020 වසරේ කම්හල් 13ක් ද 2022 වසරේ කම්හල් 17ක් ද 2023 වර්ෂයේ කම්හල් 19ක් ද 2025 වසරේ කම්හල් 06ක් ද වශයෙන් මෑත කාලයේ තේ කම්හල් වැසී ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුවල වැඩපිළිවෙළ, කළමනාකරණ ගැටලු සහ දළු හිඟකම ආදිය නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ලංකාවේ තේ කර්මාන්තය අර්බුදයෙන් ගලවා ගෙන වැසී ගිය කම්හල් යළි විවෘත කිරීමට බලාපෙරොත්තු වන බව ද ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

අද (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *