ලුනු ටොන් ලක්ෂ 160ක් රටින් එනවා… 250ට විකිණෙන කිලෝව 150ට දෙනවා…! – ඇමති වසන්ත සමරසිංහ….

May 23, 2025 at 5:21 pm | by emanisa.lk

මේ වන විට ලුනු හිඟය අවසන් කර ඇති බවත් මේ වන විටත් ලුනු ටොන් එක්ලක්ෂ පනස් අට දහසක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ආනයනිත මේස ලුනු කිලෝවක් රු. 150කට ලබා දෙන බවත් දැනට අලෙවි වන මිල රු. 250ක් බවත්ය.

ලුනු හිඟය ලාභ ඉපයීමට භාවිත කළ යුතු නැති බවත් ලුනු අලෙවි වන මිල පිළිබඳ තමන් සොයා බලන බවත් ඇමති වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

රටේ වාර්ෂික ලුනු අවශ්‍යතාව ටොන් ලක්ෂ දෙකක් වන අතර රටේ සියලු ලුනු ලේවායන්වලින් ටොන් එක්ලක්ෂ අසූ දහසක් නිෂ්පාදනය කරන බවත් ඉදිරියේ දී කිසිදු ලුනු හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *