ආණ්ඩුව විදුලි බිල නැංවීම වෙනුවට ලංවිම කාර්යක්ෂම කළ යුතුයි…! – මහාචාර්ය වසන්ත අතුකෝරල…

May 19, 2025 at 10:25 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන සිව්වන වාරිකය ප්‍රමාද කිරීමට විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම ප්‍රධාන හේතුවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

මේ වන විට විදුලි බිල 18%කින් ඉහළ නැංවීමට ඉල්ලීම් කර ඇති බවත් එය පාරිභෝගිකයන්ට මෙන්ම නිෂ්පාදකයන්ට ද ඍණාත්මකව බලපෑ හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

ආණ්ඩුව කළ යුත්තේ විදුලි බල මණ්ඩල කාර්යක්ෂමතාව ඉහළ නංවා විදුලි පිරිවැය අඩු කර ගැනීම බවයි, මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙන්නේ.

අකාර්යක්ෂමව ඉහළ පිරිවැයක් යටතේ විදුලිය නිෂ්පාදනය නොකර ලංවිම කාර්යක්ෂම කොට අඩු පිරිවැයක් යටතේ විදුලිය නිෂ්පාදනය කොට එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *