දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදු නොවූ බව ඔන්ටාරියෝ උසස් අධිකරණය, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ පවසයි.
ඒ අනුව කැනඩාවේ පාසල් විෂය මාලාවට ශ්‍රී ලංකාවේ ජන සංහාර චෝදනාව ඇතුළත් කිරීමේ යෝජනාව ව්‍යර්ථ විය.
කැනඩාවේ මෙම අධිකරණ තීන්දුව ශ්‍රී ලංකාවට දැවැන්ත ජයග්‍රහණයක් බව ප්‍රකාශ කළ නෙවිල් හේවගේ, ඒ අනුව සනාථ නොකළ යුද අපරාධ සම්බන්ධයෙන් අභුත චෝදනා නගන පාර්ශ්වයන් විසින් නිර්මාණය කරන ලද දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA – Tamil Genocide Educational Week Act) පාසල් විෂය මාලාවේ ඇතුළත් කළ නොහැකි බව අවධාරණය කළේය.
2022 මැයි මාසයේදී කැනඩා පාර්ලිමේන්තුව මැයි 18 වන දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එමඟින් යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ සංහාරයක් සිදුවී ඇති බව පිළිගත්තේය. ඊට විරුද්ධව ආචාර්ය නෙවිල් හේවගේ නීතිමය සටනක නියුක්ත විය.
TGEWA සම්බන්ධයෙන් වර්ධනය සිදුවී ඇත්තේ යාපනයේ උපන් ගැරී ආනන්දසංගරී අධිකරණ අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුවය. ඔහු දෙමළ බෙදුම්වාදයට විරුද්ධ වූ හිටපු පාර්ලිමේන්තු ආනන්ද සංගරීගේ පුත්‍රයා වීම ද විශේෂත්වයකි.