නිලධාරී මාෆියාවට හසු වී පුනර්ජනනීය විදුලිය නවතන්න එපා…! ඕමල්පේ හිමි ජනපතිගෙන් ඉල්ලයි…

March 2, 2025 at 6:43 pm | by emanisa.lk

විදුලි බල මණ්ඩල නිලධාරී මාෆියාවේ අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්තිය වෙනුවට ගල් අඟුරු සහ තෙල් භාවිතයෙන් විදුලිය නිපදවීම බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන් වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ පරණ පාලකයන් වැටුණු උගුලට හසු නොවන ලෙසයි.

මෙම නිලධාරී මාෆියාවට ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ ගල් අඟුරු සහ තෙල් විදුලි ජනනයෙන් බවත් එහිමියන් සඳහන් කළේය.

දේශපාලන මාෆියාවට හසු නොවුණා සේම නිලධාරී මාෆියාවට ද හසු නොවී පුනර්ජනනීය විදුලි ජනනය ශක්තිමත් කර ජනතාවගේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කරන ලෙස ද සෝභිත හිමි ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *