වැස්සේ නැතොත් විදුලි බිල වැඩි කරන්න වෙනවා..! – බල ශක්ති ඇමති…

February 25, 2025 at 11:45 am | by emanisa.lk

වියළි කාලගුණ තත්ත්වය තව දුරටත් පැවතියහොත් විදුලි බිල වැඩි කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

විදුලි බල මණ්ඩලය ලාභ මත නොව පිරිවැය මත පදනම්ව ක්‍රියාත්මක වන බවත් එය පවත්වා ගෙන යෑමට නම් එවැනි සංශෝධනයකට යෑමට සිදුවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ලංවිම බිලියන 140ක් ලාභ ලබා ඇති බවට කරන ප්‍රචාර අසත්‍ය බවත් යම් මුදලක් ඉතිරි වේ නම් එය ද පදනම් කරගෙන ඊළඟ මාස හයේ මිල සංශෝධනය සිදුකරන බව ද කුමාර ජයකොඩි සඳහන් කරයි.

ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *