ආණ්ඩුව විදුලි බිල අඩු කළේ ඡන්දේ ළඟ නිසායි..! – හඳුන්නෙත්ති..

March 10, 2024 at 11:04 am | by emanisa.lk

ආණ්ඩුව විදුලි බිල අඩු කර ඇත්තේ ජනතාවට සහන ලබා දීමට නොව ඡන්දය නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

“මාලිමාව වටා ජනතාව එකතු වෙන්න, එකතු වෙන්න ජනතාවට ආණ්ඩුවෙන් සහන ලබා දීම වැඩි වෙනවා.

විදුලි බල මණ්ඩලයේ නාස්තිය දූෂණය හොරකම වංචාවත් එක්ක තමයි මේ ප්‍රමාණය අඩු කර තිබෙන්නේ.

නාස්තිය දූෂණය හොරකම වංචාව නතර කරන පාලනයක් පිහිටුවා ගත්තොත් මීට වඩා විදුලි බිල අඩු කරන්න පුළුවන්. මේකෙන් පේන්නේ මීට කලින් විදුලි බිල වැඩි කරල තියෙන්නේ වැඩි කරන්න ඕන නිසා නෙමෙයි, අසාධාරණ හේතු නිසා බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *