අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර නැනි බවත් එහෙයින් එතුමා චූදිතයෙක් කිරීමට තමා එකඟ නැති බව ද ඇමති දයා ගමගේ පවසයි.
“එතුමා රජයේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක්. චෝදනාවක් තියෙනවා නම් විශ්වාසභංගයෙන් ඉවත් කරන එක නෙමෙයි කරන්න ඕනේ. කවුරු වැරැද්දක් කරලා තියෙනවා වුණත් මමනම් කියන්නේ නීත්‍යානුකූලවම පියවර ගන්න ඕනේ. තාම එතුමට විරුද්ධව චෝදනාවක් ඔප්පු වෙලා නෑ නේ. එතුමා චූදිතයෙක් කරන එකට මට නම් එකඟ වෙන්න පුළුවන්කමක් නෑ.”