මේ වන විට ගොවි ජනතාව රජයේ ගබඩා වෙත වී ලබා දීම ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ආණ්ඩුවට උවමනා වී ටොන් ලක්ෂ 2 මිල දී ගැනීමේ හැකියාව ඇති බවයි, නි. ඇමතිවරයා සඳහන් කළේ.
මේ රටේ සැබෑ ගොවි නායකයන් දහස් ගණනින් තමන්ගේ ට්‍රැක්ටරයේ වී පටවා ගෙන වී අලෙවි මණ්ඩලයට පැමිණෙන ආකාරය තව මසක් පමණ ගතවන විට දැකගත හැකි බව ද ටී.බී. සරත් අවධාරණය කරයි.
මාලිමාණ්ඩුව යටතේ ධනපති පන්තිය දුර්වල වී වැඩ කරන කම්කරු ගොවි ජනතාව බලවත් වී ඇති බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.