ජනාධිපති අරමුදලට පොලු තැබූ දේශපාලනඥයන්ට නඩු… හිටපු අගමැතිගෙන් ලක්ෂ 290ක් තඩි පොල්ලක්…!

February 10, 2025 at 9:44 am | by emanisa.lk

ජනාධිපති අරමුදලින් නැවත ගෙවීමේ පදනම යටතේ විශාල ණය ලබා ගෙන ඒවා පියවා නොමැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකට පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් ණය ලබාගෙන ඒවා නොපියවූ අය අතර හිටපු අගමැතිවරයෙක් සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක් සිටිති.

හිටපු අගමැතිවරයා වෙනුවෙන් පමණක් එලෙස ජනාධිපති අරමුදලින් ලබා දී ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 290 කි. තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 130 ක් මෙලෙස පියවීමේ පදනම යටතේ අරමුදල් සම්පාදනය කර දී ඇත.

නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන එම අරමුදල් මෙතෙක් නිසි ලෙස පියවා ඇත්තේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි මහතා පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *