STF ප්‍රධානියා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු…!

February 8, 2025 at 9:57 am | by emanisa.lk

පොලිසියේ උසස් නිලධාරීන් පිරිසකට මෙම මස 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය සහිතව මෙම ස්ථාන මාරුවීම් ලබා දෙන බවයි.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලැබී ඇති අතර විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එස්.ඊ. ජයසුන්දර නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *