කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජකයන් කැඳවා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
“හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අපට දිගුකාලීන ආයෝජන ගෙන දීම සඳහා පරිවර්තනය කළ හැකියි. හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල කර්මාන්ත පුරයක් පිළිබඳ සංකල්පය තියෙනවා.
නමුත් තවමත් අපට කර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව ලැබිලා නෑ. ඒ සඳහා ආයෝජන කැඳවීම සඳහා අපේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙන්න අපි ලෑස්තියි.
පෝර්ට්සිටි ව්‍යාපෘතිය ගත්තත් තවත් එහි ආයෝජන සංවර්ධන ව්‍යාපෘති අපට අවශ්‍යයයි. එසේ නැතිව දිගු කාලයක් ගත කිරීම එතරම් සුදුසු නැහැ. එම නිසා අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා, පෝර්ට්සිටි ව්‍යාපෘතියට නව ආයෝජන කැඳවන්න.”
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ චීන සංචාරය අතරතුර බීජිංහිදී චීන මාධ්‍ය සමූහය සමග විශේෂ සාකච්ඡාවකට එකතු වෙමිනි.