සම්බල් හැදීමේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

January 23, 2025 at 9:44 am | by emanisa.lk

නිවසේ පොල් පරිභෝජනය ඉතාම නාස්තිකාර තත්ත්වයක පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

පොල් කිරි ලෙස මෙන්ම සම්බෝල ලෙස භාවිතයේ දී ද පොල් විශාල ප්‍රමාණයක් අපතේ යන බවයි, ඇමති අබේසිංහ සඳහන් කළේ.

අපනයනකරුවන් පොල් මද සහ පොල් කිරි ද පොල්තෙල් නිෂ්පාදකයන් ⁣වියළි පොල් ද ආනයනය සඳහා අවසර ඉල්ලා ඇති බවත් ආණ්ඩුව ඒ පිළිබඳ සාධනීය ආස්ථානයක සිටින බවත් නි. ඇමතිවරයා අනාවරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *