ඖෂධ මිල සියයට 200 ගුණයකින් අඩු කරන්න පුළුවන් වුණා…! – නි. ඇමති වෛද්‍ය හංසක විජේමුණි

January 21, 2025 at 12:02 pm | by emanisa.lk

පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ එම ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් රුපියල් 7000 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටුණු බවයි.

ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කීපයකට ඖෂධ ගැන්වීමේ අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ජනමාධ්‍යයට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙන බවත් රජයට අයත් මාධ්‍ය ආයතනවලට පවා කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම උදා කර දී තිබෙන අමාත්‍යවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *