සෝලා පැනලයට එරෙහිව විරෝධතා කළ අය පුනර්ජනනීය බලශක්තියත් ගැන කතා කිරීම විහිළුවක්…! – පාඨලී…

January 19, 2025 at 7:28 pm | by emanisa.lk

වහලය මත සූර්ය බල විදුලි පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතියක් තමන් ඇමතිවරයා ලෙස මෙරටට ගෙන ආ අවස්ථාවේ මුලින්ම පාරට බැස විරෝධතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති බවට හිටපු බලශක්ති අමාත්‍ය, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සියලු ධනාත්මක පියවර සඳහා එරෙහි වූ පිරිසක් අද පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලිය උත්පාදනය කොට විදුලි බිල පහත හෙළීම පිළිබඳ කතා කිරීම පවා විහිළුවක් බවයි, හිටපු ඇමැතිවරයා සඳහන් කළේ.

60 අවුරුද්දක් තිස්සේ උද්ඝෝෂණ විරෝධතා කරමින් විදුලි බල පද්ධතියට හානි කරමින් වෘත්තීය සමිති මාෆියාවක් මෙහෙය වූ පිරිසකට 76 අවුරුද්දක් පිළිබඳ කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව ද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *