දියගම ක්‍රීඩාංගනයෙන් මහින්ද නාමය ඉවත් කරනවා…නැත්නම් දියුණු කරන්න බෑ…! – ක්‍රීඩා ඇමති…

January 13, 2025 at 4:16 pm | by emanisa.lk

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

එම ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් ඔහු පැවසුවේ මෙය ඉදිකිරීම සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කර ඇති බවත් අද වන විට එය දැඩි ලෙස අබලන් තත්ත්වය පවතින බවත්ය.

පෞද්ගලික අංශයේ ආයෝජකයන් හා එක්ව ක්‍රීඩාංගනය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් මහින්ද රාජපක්ෂ නමින් කිසිදු ආයෝජකයකු එය පවත්වාගෙන යාමට මුදල් ආයෝජනය නොකරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙය ඉදිකිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන්ද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි. එම නිසා එම නම ඉවත් කිරීමට සිදුවුණු ඇති බවත් හෙතෙම කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *