සහල් මාෆියාවේ සැබෑ නායකයා ඇමති වසන්ත සමරසිංහ…! – ගම්මන්පිල….

January 7, 2025 at 11:08 am | by emanisa.lk

අද වන විට සහල් මිල පහත නොවැටීමට ඇති විශාලතම බාධාව සහල් මත පනවා ඇති රු. 65ක බදු මුදල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ජනාධිපතිතුමා මේසයට ගහලා නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 230ට නියම කළත් ඊයේ වෙළඳපොලේ නාඩු කිලෝවක් අපි ගත්තේ රුපියල් 240ට. පසුගිය කන්නය කපන විට නාඩු කිලෝවක මිල රු170/-යි. එතකොට වී මිල දී ගත්තෙත් රුපියල් පහකවත් ලාභයක් තබා ගෙන විකුණන්නයි. එහෙම බලන විට රු230/- විකිණෙන විට මෝල්හිමියන්ට රු65/-ක ලාභයක් තිබෙනවා. එහෙම නම් ආණ්ඩුව සහල් ආනයනයෙන් බලාපොරොත්තු විය යුත්තේ සහල් මිල රු. 230/- සිට 170/- දක්වා පහත හෙලීමයි.

අතීතයේ දී ආණ්ඩු සහල් ආනයනය කරලා අඩු මිලට වෙළඳපොලට හඳුන්වා දීමෙන් තමයි මෝල්හිමියන් මට්ටු කරලා සහල් මිල පහත දැම්මේ. නමුත් මේ ආණ්ඩුව මොකද කළේ? ආනයනිත සහල් මත රු. 65/-ක බද්දක් දාලා ආනයනිත සහල් මිල දේශීය සහල් මිලට සමාන කළා. ඒකෙන් මේ අසාධාරණ සහල් මිල දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ආණ්ඩුවත් දායක වුණා.

රු. 65/- බද්දක් වෙනුවට රු. 45/- බද්දක් පැනෙව්වා නම් ආනයනිත සහල් කිලෝවක් රු. 210/-ට විකුණන්න පුළුවන් වෙනවා. ආනයනිත සහල් රු. 210/- ට වෙළඳපොළේ තිබිය දී තමන්ගේ ගැනුම්කරුවා රැක ගන්න නම් දේශීය සහල් ද රු. 210/-ට හෝ ඒ ආසන්න මිලකට විකුණන්න වෙනවා. සහල් මිල රු. 210/-ට ආවාම ඊළඟ සහල් තොගයට අය කරන බද්ද රු.15/- දක්වා අඩු කරනවා. එතකොට සහල් මිල රු.180/- දක්වා අඩු වෙනවා.

ජනතාවට බත් කන්න පුළුවන් මිලකට සහල් මිල පහත වැටෙනවා. අද සහල් මිල පහත වැටීමට තිබෙන ලොකුම බාධාව තමයි, සහල් මත අය කරන රු.65/- බද්ද. ඒ නිසා සහල් මාෆියාවේ නායකයා වෙන කවුරුවත් නොවේ වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මැතිතුමාය කියන එක බය නැතිව කියන්න පුළුවන්.”

ඒ මහතා මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස