පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු රාජපක්ෂ හෙවනැල්ලක්….! – ජූඩ් ප්‍රනාන්දු පියතුමා….

December 29, 2024 at 8:14 pm | by emanisa.lk

රංජන් රාමනායක පැවසූ බව කියමින් නාමල් කුමාර හඬ පටයක් ඉදිරිපත් කරමින් කාදිනල්තුමාට අශික්ෂිත චෝදනා කිරීම මුළු මහත් කතෝලික ජ්‍රජාවම හෙළා දකින බව ජූඩ් ප්‍රනාන්දු පියතුමා පවසයි.

සහරාන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටි නාලක සිල්වා බොරු නාටකයක් ගොතා සිරගත කිරීමට නාමල් කුමාර කටයුතු කළ බවට ද පියතුමා චෝදනා කරයි.

පාස්කු බෝම්බය පුපුරුවා හැරීමේ උවමනාව මත නාලක සිල්වා සිරගත කළ බවත් එම සැලැස්මේ මූලිකයා රාජපක්ෂ හෙවනැල්ලක් වන නාමල් කුමාර බවත් එතුමා අනාවරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශන කොට නාමල් කුමාර අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

නාමල් කුමාර විසින් කාදිනල්තුමාගේ බව කියන හඬ පටයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම පිළිබඳ කතෝලික සභාවේ මතය ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් ජූඩ් ප්‍රනාන්දු පියතුමා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *