රනිල්ට පසු එජාපයේ ජ්‍යේෂ්ඨයා මමයි… නැවත අලියාට එකතු වීම හැමෝගේම අරමුණයි..! – රවී…

December 28, 2024 at 9:29 am | by emanisa.lk

එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ තාවකාලික තෘප්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති සහ පක්ෂ නායකතුමාට පසුව ජ්‍යේෂ්ඨතම පුද්ගලයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සහ පක්ෂයේ සිටින්නේ මම කියලා හැම දෙනාම දන්නවා. යූඑන්පී කාරයෙක් ඕනෙ එක්කෙනෙක් දන්නවා.

නමුත් අපට එක්කෙනෙක් දෙන්නෙක්ගේ කුඩම්මාගේ සැලකිල්ල මත මේ පක්ෂය නැති කරන්න ඉඩදෙන්න බෑ. මේකෙ 200ක් විතර එළියට ගියාට අපි අන්තිමට මේ එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ජනතාවගේ පක්ෂයක්.

මේක රකින්න අවශ්‍යයයි. මේක එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ තාවකාලික තෘප්තියකට අපේ පක්ෂය ප්‍රාණ ඇපකරුවෙක් කරන්න ඉඩදෙන්න බෑ.

හැම දෙනාගේම ප්‍රයත්නය වන්නේ මේ අලියා සමග ඒකරාශී වීම. එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් නැතිවුණු අවස්ථාවක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් අවස්ථාව දීලා ඉන්න එකම යූඑන්පීකාරයා මම.

ඉතින් අද රටේ හැම කොනකම හැම යූඑන්පී කාරයෙකුටම මම කියනවා, කරුණාකරලා එන්න, අවස්ථාව පාවිච්චි කරන්න. මම එක්කෙනෙක් වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ එදා රටේ ණයබරතාව නැති කරලා රට සංවර්ධනය කළා වගේම ඒ අවස්ථාවම අපි හදලා ගමු.”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *