රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ කෘෂිකර්ම ඇමති ලෙස තමන් රට සහලින් ස්වයංපෝෂිත කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.
මේ රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24කට අඩු ප්‍රමාණයක් බවත් පසුගිය කන්න දෙකේ මෙට්‍රික් ටොන් 30කට අධික අස්වැන්නක් ලැබුණු බවත් හෙතෙම සඳහන් කරයි.
රටේ ප්‍රමාණවත් සහල් තොග ඇති නිසා සහල් ආනයනයේ අවශ්‍යතාවක් නැතැයි වත්මන් ජනාධිපතිතුමා ද වරක් ප්‍රකාශ කළ බවත් සැබවින්ම ගැටලුව සහල් නිසි ලෙස එම අස්වැන්න කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව බවත් ඔහු පෙන්වා දෙයි.
සිය පාලන කාලයේ අතිරික්ත සහල් රට යැවීමට සැලසුම් කළ ද වත්මන් ආණ්ඩුවට රටින් සහල් ගෙන ඒමට සිදුව ඇති බවත් එය ද හරියට කර ගැනීමට නොහැකි වී ඇති බවත් මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.
තම ආණ්ඩුව යටතේ රු. 25 000ක් කළ පොහොර සහනාධාරය ගොවි ජනතාවට මෙතෙක් ලබා දී නැති බවත් තමන් ඇනවුම් කොට රටට ලැබුණු බන්ඩි පොහොර නැව පවා මෙතෙක් බෙදාහැර නැති බවත් ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.