සහල් මාෆියාව බෙල්ල මුලින්ම අල්ලයි.. මෝල් කිහිපයක් රජයට පවරා ගැනීමේ සූදානමක්…!

December 9, 2024 at 9:29 am | by emanisa.lk

රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් එම සහල් මෝල් රජයට පවරා ගැනීමටත් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ජනතාවගේ සහල් අයිතියට අත තියන්න එපා යයි ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සහල් ව්‍යාපාරිකයන්ට අනතුරු ඇඟවූයේය.

සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නැයි, ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ඊයේ (08) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ අනුව දින 10 ක් දෛනිකව සහල් මෝල් පරීක්ෂා කරන බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *