ඇමති සමරසිංහට ලංකේශ්වර මාධ්‍ය කැඳවා පිළිතුරු දෙයි…!

December 7, 2024 at 5:43 pm | by emanisa.lk

තමන්ගේ සහල් නිෂ්පාදනය සියැසින් දැක ගැනීමට පැමිණෙන්නැයි නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහට අභියෝග කරයි.

“මම වෙළෙඳ ඇමතිතුමාට කියන්නේ.. ඕන වෙලාවක මගේ ආයතනය පරීක්ෂා කරන්න. මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්.

අපි ගාව වී තිබුණා කියලා අද සියල්ල කොටලා වෙළෙඳපොළට දාන්නේ නැහැ. මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ.

එතකොට ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙනකම් මම මේ වී ටික පරිස්සම් කරගෙන දිනපතා සහල් නිෂ්පාදනය කර කර වෙළෙඳපොළට යවනවා. පෙබරවාරි 01 වෙනකම් මගේ තියෙන වී ටික පරිස්සම් කරගෙන වෙළෙඳපොළට හාල් යවන්න ඕනේ.”

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී තොග සඟවා ගෙන සිටින බවට ඊයේ (06) වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයය ප්‍රතිචාර දක්වමින් ලංකේෂ්වර මිත්‍රපාල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *