සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ නැවත අමෙරිකාවට බලා පිටත්ව යන ගුවන් යානයක දොර විවර කිරීමට උත්සහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඔහු එම ගුවන් යානයේ ආරක්ෂක පටි යොදා ආරක්ෂිතව මෙරටට ගෙනවිත් කටුනායක පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කර තිබිණි.
එහිදී සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත බ්‍රිතාන්‍ය ජාතික බෙවන් ක්‍රිස්ටි ස්කොට් නමැති පුද්ගලයාට රුපියල් 25,000ක දඩ මුදලක් නියම කෙරුණා.
සැකකරු අධික ලෙස බීමත්ව යානයේ හදිසි දොරටුව විවර කිරීමට උත්සහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම අනපේක්ෂිත සිද්ධිය තත්ත්වය මතුව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 29 වැනිදා ය.