සිපෙට්කෝ ලාභය 70%කින් කඩා වැටේ…!

December 3, 2024 at 9:20 am | by emanisa.lk

මේ වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය සියයට 70.2කින් තියුණු ලෙස පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

2023 වසරේ පළමු මාස හයේදී රු. කෝටි 6,950ක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය මේ වසරේ පළමු මාස හයේදී රු. කෝටි 2,070 දක්වා අඩු වී ඇත.

ඉරාන තෙල් සමාගමට 2023 වසරේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතුව පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 230.9ක මුදල ඉකුත් ජුනි මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 191ක් දක්වා අඩු වී ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *