මැති ඇමතිලාට සැප වාහන නෑ… රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි…!

November 29, 2024 at 9:11 am | by emanisa.lk

මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට රජයේ අවදානය යොමුව ඇත.

එසේ ම දැනට අමාත්‍යංශ සතු සුඛෝපභෝගී වාහන 150ක් විකිණීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන්ට V 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.

පසුගියදා පැවති නවක මන්ත්‍රී පුහුණු වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද ගැන පැහැදිලි කිරීමට නියම්තව තිබුණ ද එය අවසාන මොහොතේ නවතා දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *