වර්ෂාවෙන් හානි වූ සියලු භෝග සඳහා වන්දි ලැබිය යුතුයි…! – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති…

November 28, 2024 at 8:08 pm | by emanisa.lk

අධික වර්ෂාව නිසා වගා හානී වූ වී, බඩඉ රිඟු, ලොකු ලූනු, අර්තපල්, සෝයා සහ මිරිස් සඳහා වන්දි හිමි වන බව කෘෂි කර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඒ භෝග සඳහා පමණක් නොව හානියට පත් අනෙකුත් භෝග සඳහා ද වන්දි හිමි විය යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවයි, නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

භාණ්ඩාගාරයේ ඇති මුදල් ප්‍රමාණය ද සලකා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කිරීමට තමන් සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

අධික වර්ෂාව නිසා හානියට පත් වගා බීම් සඳහා වන්දි ලබා දීම සම්බන්ධයෙන් අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *