මුල් වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන චතුරංග අබේසිංහට රටේ සංවර්ධනනයට අත්‍යවශ්‍ය අමාත්‍යංශයක නියෝජ්‍ය ඇමති ධුරය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ පවසයි.
තමන් පළමු වරට පාර්ලිමේන්තුවට ගියේ නම් එවැනි තනතුරක් තමන්ට පක්ෂයෙන් කිසි දිනක ලබා නොදෙන බව ඔහු සඳහන් කරයි.
කෙසේ වුව ද එදා ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙකු අතට ආයතන විශාල ප්‍රමාණයක් ගන්නා විට ඊට එරෙහි වූ පිරිසට ම අද ඊට පක්ෂව කරුණු කීමට සිදුව තිබුණ ද එලෙස බලය ගොනු වීමෙහි වරදක් තමන් නොදකින බව ද මිලින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.
එසේම පසුගිය ආණ්ඩුවේ සියලු වැදගත් ඇමැති ධුර රාජපක්ෂලා දැරූ බවට ගොඩනැඟූවේ ජනප්‍රිය බොරුවක් බවත් එහි ද ඇමැති ධුර සහ ආයතන වෙන්වූයේ ද සැලසුම් කළ සංවර්ධන වැඩපිළිවෙළ අනුව බව ද ඔහු පෙන්වා දෙයි.
සිරස සටන වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව කීය.