නැවත වෘත්තීය සමිති සමග සටන් කරන යුගයක් අවශ්‍ය නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ අරමුණ වෘත්තීය ගැටලු විසඳා ගැනීම නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවයි.
එහෙත් දේශපාලන යටි අරමුණු සහිතව කටයුතු කළහොත් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සඳහන් කරයි.
අද (22) සිය අමාත්‍යංශයට පැමිණ වැඩභාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.