පුනරුද යුගයේ උතුරේ පළමු මහවිරු සැමරුම ඇරඹේ…!

November 22, 2024 at 9:48 am | by emanisa.lk

උතුරු නැගෙනහිර පළාත් ජනතාව යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිපත් කරමින් සිදු කරනු ලබන මහවිරු දින සැමරුම් සතිය ඊයේ (21) ආරම්භ විය.

1982 නොවැම්බර් මස 27 වන දා මරණයට පත් පළමු එල්ටීටීඊ සාමාජිකයා වන ලුතිනන් සංකර් සිහිපත් කිරීම සඳහා 1989 නොවැම්බර් මස 27 වන දා මුලතිව් නිත්තකෙයිකුලම කැළෑවේදී පළමු මහවිරු දින සැමරුම පවත්වා තිබේ.

මහවිරු දිනයේ අවසන් දිනය ලබන 27 වන දා පැවැත්වීමට නියමිත අතර උතුරු නැගෙනහිර පළාත්වල ස්ථාන රැසක ඊයේ මහවිරු සැමරුම් පවත්වා තිබිණි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පෙරිය පරන්තන් ප්‍රදේශයේදී මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *