යාපනය ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් අද (21) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අසුනෙහි වාඩි වීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කරන දිනයේ මන්ත්‍රීවරුන්ට රිසි සේ එහි අසුන්ගත හැකි අතර වෛද්‍ය රාමනාදන් විපක්ෂ නායක පුටුවෙහි අසුන්ගෙන තිබිණි.
ඔහු එම අසුනින් ඉවත් කර විපක්ෂ නායකවරයාට අසුන ලබා දීමට පාර්ලිමේන්තු නිලධාරීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.