සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගෙන ඇත්තේ එම පක්ෂයේ හෝ ඊට සම්බන්ධ සුළු පක්ෂවල එකඟතාවකින් නොවන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ ලේකම් ධූරයේ බලතල පාවිච්චි කරමින් ඔහු විසින්ම ඔහුගේ නම ඇතුළත් කර ලිපිය සකසා ඔහුගේ අත්සනින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙවර මහා මැතිවරණයෙන් සමගිජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර පහ ලබා ගැනීම සඳහා සුළු ජාතික පක්ෂ 04 කි. ඒ සඳහා පක්ෂයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, ජි එල්.පිරිස්, සුජීව සේනසිංහ, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය අතර සීතල යුද්ධයක් හට ගෙන තිබිණි.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රධානීන් බහුතරයක් දැනගෙන ඇත්තේ එම නම මාධ්‍යවලින් ප්‍රචාරය වීමෙන් පසුව බව අනාවරණය වෙයි.