ආණ්ඩුවෙන් තව පළුවක් ළඟ දී ම විපක්ෂයට…!

April 1, 2023 at 7:09 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ එකදු සාමාජිකයෙකු හෝ ආණ්ඩුවේ අසුන් ගැනීමට සූදානම් නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

නුදුරේදී ම ආණ්ඩු පක්ෂයේ තවත් කණ්ඩායමක් ස්වාධීනව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවත් හෙතෙම අනාවරණය කළේය.

එම තත්ත්වය පිළිබඳව තැතිගෙන ඇති ආණ්ඩුව විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් විපක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුවට එක්වෙනවා යැයි කිසිදු පදනමක් නොමැතිව ප්‍රචාරයක් ගෙනයන බව ද හෙතෙම කීය.

ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන ඔවුන්ට සහයෝගය ලබාදුන් 34 දෙනෙකු පසුගිය වසරේ විපක්ෂයේ අසුන් ගත් බවත් ඔවුන් අද වන විට විපක්ෂය සමග කටයුතු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

විවිධ ආකාරයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස්කර තිබුණ ද එය කිසි විටෙක සාර්ථක නොවන බව ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *