තිස් වසරක යුද්ධය නිමා කොට උතුරේ ජනතාවට සිය නියෝජිතයන් තෝරා ගැනීමට සහ දකුණේ දේශපාලන පක්ෂවලට ද උතුරේ ජනතාව සමග දේශපාලනය කිරීමේ අවස්ථාව උදාකිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිහිනයක් වූ බව පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
මෙවර ජාතික ජන බලවේගය උතුරු නැගෙනහිර ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීම ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ සිහිනය සැබෑ වූ බවයි, නිවේදනයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ පෙන්වා දෙන්නේ. ඒ පිළිබඳ තමන් සතුටු වන බව ද ඔහු සඳහන් කරයි.
කෙසේ වුව ද මෙය අවංක චේතනාවෙන් සිදුවූ එකතු වීමක් ද නැතහොත් කිසියම් යටි අරමුණක් සහිතව සිදුකළ ක්රියාවක් ද යන්න පිළිබඳ අවධියෙන් සිටින බවත් රට නැවත බෙදුම්වාදය කරා රැගෙන යාමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු එම ලිපිය මගින් අවධාරණය කරයි.