කෙඳීරි ගාද්දි ඇතුළට දැමූ ජොන්ස්ටන්ට ඇප…!

October 30, 2024 at 12:46 pm | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහි දී රුපියල් මිලියන 5ක් බැගින් ශරීර ඇප පහක් මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කළේය.

කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගනු ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *