වසර පහකට පමණ පෙර විසුරුවා හරින ලද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවතත් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.
ඒ මගින් දූෂණ වංචා චෝදනා ඇතුළත් ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතී.
යහපාලන රජය සමයේදී කැබිනට් අනුමැතියකින් පිහිටවනු ලැබූ මෙම කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම විසුරුවා හරිනු ලැබීය.
අනතුරුව එහි විමර්ශන සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් ද පිහිටුවීමට කටයුතු කල අතර එම කොට්ඨාසයේ සිදු කරන ලද ඇතැම් විමර්ශන නීති විරෝධී බව ද එහිදී ප්‍රකාශ විය.