බැසිල්ටත් කෙඳිරි ගෑවෙයි… අධිකරණයේ පෙනී සිටින්න නියෝග..!

October 26, 2024 at 7:37 pm | by emanisa.lk

මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාග වන නඩුවක තුන්වන විත්තිකරු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නියෝග කර තිබේ.

එම නඩුව ඊයේ (25) කැඳවූ අවස්ථාවේ ඇමෙරිකාවේ සිට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

අදාළ ඉඩම ජර්මන් ජාතිකයෙකුගෙන් මිල දී ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ කැනඩාවේ වෙසෙන සහෝදරියකගේ නමින් වන අතර අදාළ ඉඩම මිලදී ගත් ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇත.

ඒ එම මුදල් ලැබී ඇති ආකාරය නිශ්චිතව සනාථ කිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙනි. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බැසිල් රාජපක්ෂට අධිකරණය විසින් නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *