ජනාධිපති හොරු අල්ල අල්ල යද්දි රට හදන වැඩේ අපට භාර දෙන්න…! – තිස්ස…

October 20, 2024 at 8:17 pm | by emanisa.lk

මාලිමාවේ ජනාධිපතිට සහ ටෙලිෆෝනයේ ආණ්ඩුවට රට කළ හැකි දැයි කුකුසක් ඇති කර ගත යුතු නැති බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හොරු ඇල්ලීම හොරා කෑ ධනය නැවත රටට ගෙන ඒම පමණක් බවත් ඔහු එය කරනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් සමගි ජන බලවේගය රට ගොඩනඟන සැලැස්මක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා ආණ්ඩු බලය සිය පක්ෂයට ලබා දෙන ලෙසත් තිස්ස අත්තනායක ජනතාවගෙන් ඉල්ලයි.

තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ එවිට මෙම ජනවරම් දෙකක එකට ක්‍රියාත්මක කළ හැකි බවත් ජනපති හොරු අල්ලන විට රට බංකොලොත් නොවනු ඇති බවත්ය.

සමගි ජන බලවේග පිළිමතලාව ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *