ණය නොගෙන රටට දුවන්න විදිහක් නෑ… අපි ආව කියලා 24 පැයෙන් ආදායම් ලැබෙන්නේ නෑ…! – විජිත හේරත්…

October 15, 2024 at 8:05 pm | by emanisa.lk

මේ වන විට රට දුවන්නේ ණය මත යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

සිය ආණ්ඩුව පත් වූ පමණින් විසිහතර පැයෙන් රටට නව ආදායම් නොලැබෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කරය.

එහෙයින් දේශීය වශයෙන් ණය ගැනීමට සිදුවන බවයි, ඔහු පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තීන්දු කර ඇත්තේ මුදල් අමාත්‍යංශය ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති පසුබිමක බව ද පෙන්වා දුන් අමාත්‍ය විජිත හේරත් එය කළ හැකි ද යන්න දැනට ප්‍රකාශ කළ නොහැකි බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *