පවුල් දේශපාලනේ මටයි තාත්තටයි අදාළ නෑ… ඒක අදාළ වෙනත් පක්ෂවලට විතරයි…! – චතුරංග අබේසිංහ….

October 15, 2024 at 3:41 pm | by emanisa.lk

පවුල් දේශපාලනයට එරෙහිව සිය කඳවුර ගොඩනැඟූ මතවාදය තමන්ට සහ තම පියා වන ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහට අදාළ නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ පවසයි.

“මම සහ මගේ පියා මෙවර ජාතික ජන බලවේගයෙන් තරඟ කරන කතාව ඇත්ත. ඒ තීන්දුව ගන්නේ පක්ෂෙ. මගේ පියාට ලේකම් තනතුර දෙන්නනෙත් පක්ෂෙ. සාධනීය ලෙස වැඩ කරනවාද නැද්ද කියලා තීරණය කරන්නෙත් පක්ෂෙ.

ඒක අනික් පක්ෂවල ලේකම් තනතුර වගේ එකක් නෙමෙයි. මටත් පක්ෂය තමයි කියන්නේ දේශපාලනයට එන්න කැමති නම් මේ ක්ෂේත්‍ර හරහා අපට දායකත්වයක් දෙන්න කියලා. එතකොට පක්ෂය තුළ බැඳියාවන් අතර ගැටුමක් නෑ.

පවුල් දේශපාලනය කියන කතාව අපි දෙන්නට අදාළ නෑ. ජනතාව ඒක තේරුම් ගනියි. තාත්තගේ පුතා වීම නිසා හෝ පුතාගේ තාත්ත වීම නිසා අපේ දේශපාලන අයිතිය අහිමි කරන්න පක්ෂෙ තීන්දු කරලා නෑ.”

ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහනට එකතු වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් චතුරංග අබේසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *