රංජන් රාමනායක සිංහල ජනතාවට රැවටීමට දෙමළ ඩයස්පෝරාව මිලට ගත් ද්රෝහීයෙකු බවට ප්රකට සමාජ ක්රියාකාරීකයෙකු වන ඕෂල හේරත් චෝදනා කරයි. 2018 මෙන් ම සිදු කිරීමට උත්සාහ කළ පාවාදීමට වඩා භයානක පාවාදීමක් කිරීමට රංජන් රාමානායක සැරසෙන බව ද ඔහු පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ රංජන් රාමනායක නායකත්වය දරමින් මහා මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ | United Democratic Voice යනු එක්සත් කොංග්රස් පක්ෂය නම් ඔටුවා ලකුණ යටතේ ක්රියාත්මක වූ දෙමළ ඩයස්පෝරාව මිලට ගත් දෙමළ දේශපාලන පක්ෂයක් බවයි.
මෙම ගනුදෙනු පිටුපස සිටින්නේ ලයිකා සමාගමේ හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා බවත් මෙම කුමන්ත්රණයේ අරමුණ වර්තමාන ආණ්ඩුව මෙහෙය වීමේ රීමෝඩ් කොන්ට්රෝලය දෙමළ ඩයස්පෝරාව සතු කර ගැනීම බවත් ඕෂල හේරත් අවධාරණය කරයි.
සුභාෂ්කරන් අලිරාජාගේ දූෂිත ගනුදෙනු පිළිබඳ ලිපිගොනුවක් ජනාධිපති අනුර දිසානායක වෙත යොමු කර ඇති බවත් ඩයනා ගමගේ 02 වීමේ ඉරණම රංජන් රාමනායකට හිමිකර දෙන බවටත් ඔහු අනතුරු අඟවයි.
ඕෂල හේරත් අනාවරණය කළේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.